නවසීලන්ත මහමැතිවරණයෙන් ජසින්ඩා ආර්ඩන්ට ජය | දිනමිණ

නවසීලන්ත මහමැතිවරණයෙන් ජසින්ඩා ආර්ඩන්ට ජය

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් එරට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.
 
බොහෝ ඡන්ද ගණන් කිරීමත් සමඟ ආර්ඩන්ගේ කම්කරු පක්ෂය සියයට49ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර ඇය  පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
මේ වන විට 27% ක් සිටින විපක්ෂයේ මධ්‍යම ධක්ෂිනාංශික ජාතික පක්ෂය ඡන්ද විමසීමේදී පරාජය පිළිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඡන්දය මුලින් සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් නව කොවිඩ් -19 තත්ත්වයත් සමඟ මාසයකට එය කල් තබන ලදී.
 
ආර්ඩන්ගේ  කම්කරු පක්ෂය, රට තුළ කෝවිඩ්-19 වසංගතය සාර්ථක ලෙස මර්දනය කිරීමට පසුගිය කාලයේ සිදුකළ ප්‍රශංසනීය වැඩපිළිවෙළ මෙම ජයග්‍රහණයට හේතු වූ බව විචාරකයන්ගේ මතයයි.
 
‘‘නවසීලන්තය යථා තත්වයට පත් කළ හැකි බවට මා ගැන විශ්වාසය තැබූ අයට ස්තූතියි..‘‘ යනුවෙන් නවසීලන්ත අගමැතිනිය සිය ජයග්‍රහණය පිළිබඳ පැවසුවාය. ‘‘ඡන්ද තියෙන්න ඕනෙ ජනතාව බෙදා වෙන් කරන්න නෙවෙයි.‘‘ යනුවෙන් ද ඇය පැවසුවාය.

නව අදහස දක්වන්න