කුමාර් සානුටත් කොරෝනා | දිනමිණ

කුමාර් සානුටත් කොරෝනා

ඉන්දීය ප්‍රවීණ ගායක කුමාර් සානුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සුප්‍රකට චිත්‍රපට පසුබිම් ගායකයෙකු වන ඒ මහතාට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයක දී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙන බවට ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඒ මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවද කුමාර් සානු සිය බිරිඳ සහ දරුවන් සමඟ පසුගිය 14 වෙනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර ඇතිවූ නවතම තත්ත්වය හමුවේ එය නතර කර තිබෙන බවද වාර්තා වෙයි.

දශක තුනකට අධික කාලයක් බොලිව්ඩ් සිනමා පට රැසක පසුබිම් ගායනයෙන් දායක වී ඇති කුමාර් සානූ මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවෙයි.

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න