අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් මොරවක, කොස්නිල්ගොඩ ශ්‍රී ධර්මාලෝක විහාරස්ථානයේදී රෝපණය කිරීම පසුගියදා එම විහාරස්ථාන පරිශ්‍රයේ දී බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරි නිවාස මහා ස්වාමීන්වහන්සේගේ ප්‍රධාන අනුශාසනා පරිදි දෑරංගල කොස්නිල්ගොඩ ශ්‍රී ධර්මාලෝක විහාරාධිපති වීරපාන පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ මඟපෙන්වීමේ පරිදි මෙම පින්කම පැවැත්විණි. අනුරාධපුර මහා රෝහලේ වෛද්‍ය මහේන්ද්‍ර ගුණසේකර මහතා, නීතිඥ උපුලී සුරේඛා මහත්මිය ප්රමුඛ එම පවුලේ ඥාතීන් විසින් අංකුර ශාඛාව වැඩම වීම සඳහා දායකත්වය සපයා තිබුණි.
විජිත සල්ගාදු
අකුරැස්ස මධ්‍යම විශේෂ
නව අදහස දක්වන්න