වසංගතය පාලනය කරන්න සෞඛ්‍ය අංශවලට බලය දෙන්න | දිනමිණ

වසංගතය පාලනය කරන්න සෞඛ්‍ය අංශවලට බලය දෙන්න

කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සහ සෙසු සෞඛ්‍ය කටයුතු සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීමට පියවර ගනිමින් සෞඛ්‍ය අංශ වෙත ඒ පිළිබඳ බලය පැවරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව සමඟි ජන බලවේගය අවධාරණය කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයෙ (26) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව අවධාරණය කළේය.

අපි කියනවා ආණ්ඩුවට පැහැදිලි උපාය මාර්ගයක් ප්‍රකාශ කරන්න. සෞඛ්‍ය බලධාරීන්, වෛරස් රෝග පිළිබඳ විශේෂඥයින් මුල් කරගත්ත උපාය මාර්ග ප්‍රකාශ කරන්න අපේ සහයෝගය ලැබෙනවා. ඒ වෙනුවෙන් විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන්න. රෝගය පැතිරීම වැළැක්වීමට, රෝගීන් හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කිරීමට, රෝගීන්ට සත්කාරය සඳහා, සෙසු සෞඛ්‍ය පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් යටතේ නීතිමය පියවර ගන්න. දෙසන බණ වැදි බණ වෙනවා බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළ. ඒ නිසා මේ සම්බන්ධයෙන් නව දැක්මක් අවශ්‍ය බව සමගි ජන බලවේගය හැටියට අපි අවධාරණය කරනවා. මේ ශත වර්ෂය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වෙච්ච දරුණුම අභියෝගය ජය ගන්න උපාය මාර්ගයක් නැති, දැක්මක් නැති තත්ත්වයක් එක්ක අපිට කටයුතු කරන්න වෙලා තියෙනවා. මේ මෙහෙයුමේ ප්‍රධාන සොල්දාදුවෝ වෙන්න ඕනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍ය කණ්ඩායම්, හෙද හෙදියන්.

 


ශිවන්ති ප්‍රනාන්දු

නව අදහස දක්වන්න