ලොව පුරා කොවිඩ් ආසාදිත ගණන ලක්ෂ 429 ඉක්මවයි | දිනමිණ

ලොව පුරා කොවිඩ් ආසාදිත ගණන ලක්ෂ 429 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනයවූවන් සංඛ්‍යාව ලක්ෂ 429 ඉක්මවා ගොස් තිබේ.

නවතම දත්තවලට අනුව වාර්තා වන මියගිය සංඛ්‍යාව 1,154,995ක් වන අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 42,956,776ක් වෙයි. ඒ අතරින් 31,675,575 දෙනෙකු සුවය ලබා තිබෙන බව වාර්තා වෙයි.

වැඩිම ආසාදිතයින් පිරිස අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 8,827,932 ක් වන අතර එරට මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා යාම විශේෂත්වයකි. ඒ අනුව එරට මියගිය සංඛ්‍යාව 230,068 ක් වෙයි. මේ අතර ඉන්දියාවේ ආසාදිතයන් 7,864,811 ක් සහ බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව 5,381,224 ක් ලෙස වාර්තා වන අතර රුසියාව, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව යන රටවල ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. පේරු, කොලොම්බියාව, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉරානය, ඉතාලිය, චිලී යන රටවල ආසාදිතයන් ප්‍රමාණය 500,000 ඉක්මවා ගොස් ඇත.

මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව දෙලක්ෂයකට වැඩි පිරිසක් අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර ඉන්දියාවෙන් හා බ්‍රසීලයෙන් ලක්ෂයකට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි. ඒ අනුව බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව 156,926 ක් වන අතර ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 118,567 කි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ 34752 ක්, ඉතාලියේ 37210 ක්, ප්‍රංශයේ 34645 ක්, බ්‍රිතාන්‍යයේ 44745 ක්, බ්‍රසීලයේ 156926, රුසියාවෙ 25821, බෙල්ජියමේ 10737, ඉරානයේ 32320, නෙදර්ලන්තයේ 7019, මෙක්සිකෝවේ 88743, කැනඩාව 9922 සහ ජර්මනියේ 10111 ලෙස මරණ වාර්තා වී තිබේ.

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න