චීනයෙන් ආසාදිතයන් 42 දෙනෙක් අලුතෙන් වාර්තාවෙයි | දිනමිණ

චීනයෙන් ආසාදිතයන් 42 දෙනෙක් අලුතෙන් වාර්තාවෙයි

චීනයෙන් කොවිඩ් - 19 ආසාදිතයන් 42 දෙනෙකු අලුතෙන් වාර්තා වී තිබේ.
 
මෙලෙස වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් අතරින් 22 දෙනෙකු චීන ජාතිකයන් වන අතර සෙසු 20 දෙනා විදේශිකයන් බව පීටීඅයි පුවත් සේවය වාර්තා කරයි.
 
වයඹ දිග චීනයේ සිංජියාන්ග් කලාපයෙන් මෙම ආසාදිතයන් වාර්තා වී ඇත. කෙසේ වෙතත් අලුතෙන් කෝවිඩ් මරණ චීනයෙන් වාර්තා වී නොමැත.
 
මේ වන විට එරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයන් ගණන 85,868 කි. ඔවුන් අතරින් රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 298 කි. 
 

නව අදහස දක්වන්න