පොලිසියේ 60කට කොරෝනා | දිනමිණ

පොලිසියේ 60කට කොරෝනා

පොලිස් නිලධාරීන් 60 දෙනෙකු සදහා කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
 
එසේම තවත් නිලධාරීණ් 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇත.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(31) උදෑසන මේ පිළිබඳ මෙලෙස පැහැදිලි කළේය.
 
“අපේ තියෙන නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා කළුතර පොලිස් විද්‍යාලය, කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලය ඒවට යවලා තියෙනවා සමීප ආශ්‍රිතයෝ. ඊට අමතරව 1000-1100කට ආසන්න සංඛ්‍යාවක් ඒ බැරැක්ක තුළම, කඳවුරු තුළම නිරෝධායනය කරලා තියෙනවා. මේකත් ඇති වුණේ මුලින්ම පෑලියගොඩ පොකුරත් එක්ක. හේතුව මුලින්ම මේ රෝගය වැළඳුනේ අපේ භෝජනාගාර පාලකවරුන්ට, පොලිස් ස්ථානවල ඉන්න පොලිස් කොස්තාපල්, සැරයන්, ශ්‍රේණිවල අය පෑලියගොඩට ගිහින් තිබුණා මාළු මිලදී ගන්න. ඒ ඒ පොලිස් භෝජනාගාරවලට. ඒකෙන් තමයි මේ ව්‍යාප්තිය වුණේ. නැතුව රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ට එහෙම වැළඳුනේ නෑ. "
 

නව අදහස දක්වන්න