කුලසේකර එල්පීඑල් පුහුණුකරුවෙක් වෙයි | දිනමිණ

කුලසේකර එල්පීඑල් පුහුණුකරුවෙක් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස එක් වී තිබේ.

එක්දින ක්‍රිකට් පිටියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ද හිමි කර ගත් කුලසේකර 2017 වසරේ අවසන් වරට විස්සයි20 තරගයට එක් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි20 තරග 58ක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කඩුලු 66ක් දවා ගෙන තිබේ. ඔහු 2014 වසරේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු ද විය. ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හෂාන් තිලකරත්න කටයුතු කරයි.

එල්පීඑල් තරගාවලිය මේ මස 21 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, දෙසැම්බර් මස 13 වැනිදා නිමාවීමට නියමිතය.

නව අදහස දක්වන්න