පාකිස්තාන ක්‍රීඩකයන් 3කට එල්පීඑල් අහිමි වෙයි | දිනමිණ

පාකිස්තාන ක්‍රීඩකයන් 3කට එල්පීඑල් අහිමි වෙයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනකුට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමි වනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ සංචාරය සඳහා නම් කළ 35 දෙනකුගෙන් යුත් මූලික සංචිතයට ඇතුළත්ව සිටින සර්ෆ්‍රාස් අහමඩ්, මොහොමඩ් හෆීස් සහ වහබ් රියාස්ට තරගාවලිය අහිමි වනු ඇත.

එල්පීඑල් තරගාවලියේදී අහමඩ් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමටත්, හෆීස් කොළඹ කිංග්ස් කණ්ඩායමටත්, රියාස් මහනුවර ටස්කර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

පාකිස්තාන පිල සංචාරය ආරම්භ කරමින් මේ මස 23 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ 26 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

නව අදහස දක්වන්න