වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සැමරුම් තහනම් | දිනමිණ

වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සැමරුම් තහනම්

වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ ලබන සතියේ පැවැත්වීමට සූදානමින් සිටි එල්.ටී.ටී.ඊ.  සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කෙරේ.
 
මෙම නියෝගය පුද්ගලයින් 13 දෙනෙකුට එරෙහිව පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පුද්ගලයන් 05 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති අතර වව්නියා මහේස්ත්‍රාත් අධිකරණය මගින් පුද්ගලයන් 08 දෙනෙකුට එරෙහිව බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර තිබේ.

නව අදහස දක්වන්න