ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 04 ක් | දිනමිණ

ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 04 ක්

ඊයේ (19) තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළහ
 
ඒ අනුව, මෙරටදී මිගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි.
 
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු එසේ මියගොස් ඇත.
 
එසේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහත පරිදි වෙයි
 
 
කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදිනය සමග ඇති වු නියුමෝනියා තත්ත්වයකි.
 
අවුරුදු 27 ක් වයසැති කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි තරුණියකි. කොළඹ ජාතික රෝහලෙන් කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය හේතුවෙන් උත්සන්න වු අක්මා රෝගී තත්ත්වයකි.
 
කලුතර දිස්ත්‍රික්කයේ පොකුණු විට පදිංචි අවුරුදු 59ක කාන්තාවක් ද කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබේ. නිවසේ දී මියගොස් ඇති එම කාන්තාව කොවිඩ් ආසාදනය හේතුවෙන් ඇති වු පපුවේ ආසාදන තත්ත්වය හා අධික රුධිර පීඩනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
 
කළුතර දිස්ත්‍රික්කයේ හල්තොට පදිංචි අවුරුදු 59ක පිරිමි පුද්ගලයෙක් ද කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබේ. නිවසේ දී ඔහු මියගොස් ඇති අතර, කොවිඩ් ආසාදනයෙන් ඇති වු පපුවේ ආසාදන තත්ත්වයක් මරණයට හේතුවී ඇත.
 

නව අදහස දක්වන්න