අභියෝග ආවත් සංවර්ධනය නවත්වන්නේ නෑ - -අගමැති | දිනමිණ

අභියෝග ආවත් සංවර්ධනය නවත්වන්නේ නෑ - -අගමැති

පහසුකම් රැසකින් සමන්විත පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරිණි. අනතුරුව, එම වෙළෙඳ සංකීර්ණය අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අයුරු.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද රටේ සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු කිසිවක් අඩාළ කරන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) ප්‍රකාශ කළේය.ඒ අනුව මේ වසංගත තත්ත්වය හමුවේ වුවද අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රටේ සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කර නොමැති බව පෙන්වා දෙන ඒ මහතා මෙවැනි දැවැන්ත සංවර්ධන වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවද පවසයි. අගමැතිවරයා මේ බව සඳහන් කළේ පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක්වෙමිනි. පහසුකම් රැසකින් සමන්විත මේ නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කඩිනම් කෙරිණි. මහල් හතරකින් සමන්විත පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය 03 වැනි මහල දක්වා පිහිටි සෑම වෙළෙඳ සලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකි වන සේ සකසා තිබීම විශේෂත්වයකි.

.මේ අවස්ථාව සඳහා, ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය ඇමැතිවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, නලීන් ප්‍රනාන්දු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න