ආනයන සීමා සමාලෝචනය කළ හැකියි - ඇමැති දිනේෂ් යුරෝපා තානාපතිවරුන්ට කියයි | දිනමිණ

ආනයන සීමා සමාලෝචනය කළ හැකියි - ඇමැති දිනේෂ් යුරෝපා තානාපතිවරුන්ට කියයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන විට ආනයන සීමා සමාලෝචනය කිරීමට හැකි බව විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා යුරෝපා සංගම් තානාපතිවරු හමුවේ පැවසීය. වර්තමානයේ දී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජන වෙත ද ඍණාත්මක බලපෑමක් සිදුව තිබෙන බවට යුරෝපා සංගම් දූත මන්ඩලය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය ඇතුළු මෑතකාලීන ප්‍රවණතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍යාංශයේදී ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, රුමේනියාව යන රටවල තානාපතිවරුන් සහ කොළඹ සිටින යුරෝපා සංගම් දූත පිරිස හමුවූ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න