මාතර මත්කුඩු ජාවාරම ජාත්‍යන්තරව මෙහෙය වු පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි | දිනමිණ

මාතර මත්කුඩු ජාවාරම ජාත්‍යන්තරව මෙහෙය වු පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි

මාතර, වැලිගම ප්‍රදේශයේදී සොගත් හෙරොයින්වලට අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති පුද්ගලයා පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, රත්ගම ප්‍රදේශයේ සිට ඉතාලියට ගොස් සිටින බව පැවසෙන පුද්ගලයෙකු විසින් එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි.
 
මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙක් 37 හැවිරිදි කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
 
මේ අතර, පොල්අතුමෝදර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් හා දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිඛේ

නව අදහස දක්වන්න