එජාපයේ අවසන් තීරණය මන්ත්‍රීධුරය රනිල්ට | දිනමිණ

එජාපයේ අවසන් තීරණය මන්ත්‍රීධුරය රනිල්ට

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට ඊයේ (23) උදෑසන පැවැති එජාප කළමනාකරණ කමිටු රැස්වීමේදී අවසන් වශයෙන් තීරණය වී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවැසුවේ දැක්මක් තිබෙන නායකයකු මේ මොහොතේ රටට අවශ්‍ය වන නිසා රට වෙනුවෙන් මෙන්ම පක්ෂය වෙනුවෙන් ද පාර්ලිමේන්තුව නියෝජනය කරන ලෙස ඉල්ලා සියලු දෙනාගේ අස්සන් සහිත ලිපියක් රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන් බවයි.

කමිටු සාමා‍ජිකයන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් වන තීරණය එන සතියේදී ලැබෙනු ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සිය යෝජනාව පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා වැඩි කැමැත්තක් නොදැක්වුවද තරමක් බල කරමින් ඊයේ දින ලිඛිත ඉල්ලීම සිදු කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පහන් විජේසේකර

නව අදහස දක්වන්න