එජාප මහ ලේකම් ධුරයෙන් අකිල අස්වෙයි | දිනමිණ

එජාප මහ ලේකම් ධුරයෙන් අකිල අස්වෙයි

ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තමන් ඉල්ලා අස් වූ බව අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. ඒ බව පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (23) ලිපියකින් දැනුම් දුන් බව සඳහන් කළ ඒ මහතා නවකයන්ට පක්ෂයේ අවස්ථාව ලබා දීම සිය අරමුණ බවත් සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ උදේ පැවැති සාකච්ඡාවකදී තමා තනතුරෙන් ඉවත් වන බව වාචිකව දැනුම් දුන් බවත් අනතුරුව සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා මගින් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කළ බවත් කාරියවසම් මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

පක්ෂයේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා සුදුසු අය පත් කිරීම ඉක්මනින් සිදු කළ යුතු බව එම සාකච්ජාවේදී නායකයා සඳහන් කර ඇති අතර මහලේකම් ධුරය සඳහා ද ඒ සමඟම නවකයකු පත් කිරීම සඳහා තමා ඉල්ලා අස් වූ බවද කාරියවසම් මහතා කීය.

නව අදහස දක්වන්න