ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට එරෙහිව පාකිස්තානය පුරා විරෝධතා මාලාවක් | දිනමිණ

ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට එරෙහිව පාකිස්තානය පුරා විරෝධතා මාලාවක්

පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට එරෙහිව එරට විපක්ෂය විරෝධතා වැඩසටහන් මාලාවක් පවත්වා තිබේ. 2018 දී ඔහු බලයට පැමිණියේ හමුදාවේ සහාය ඇතිව ඡන්ද වංචා කිරීමෙන්යැයි ඔවුහු කියති. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හමුවේ මහජන එකතු වීම් තහනම් කර තිබියදී පෙශෝවර් නගරයේ දී විරෝධතා පැවැත් වී ඇත.

මේ අතර දූෂණ විරෝධී මැතිවරණ ව්‍යාපාරයක් ඔස්සේ බලයට පැමිණි අගමැති ඉම්රාන් පවසන්නේ විරුද්ධ පක්ෂයේ ඇතැම් නායකයන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාග හේතුවෙන් මෙසේ කටයුතු කරන බවයි.

ඉම්රාන් බලයට ගෙන ඒමට තමන් සහාය දුන්නේයැයි නැඟෙන චෝදනා හමුදාව ප්‍රතික්ෂේප කරයි. ඉම්රාන් ද ඒ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර 2023 දක්වා මහ මැතිවරණයක් නැති බව එරට මැතිවරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

නව අදහස දක්වන්න