චීනය සඳෙන් පස් සාම්පල ගෙන ඒමට සූදානම් | දිනමිණ

චීනය සඳෙන් පස් සාම්පල ගෙන ඒමට සූදානම්

චීනය සඳෙන් සාම්පල නැවත ගෙන ඒමේ අභිලාෂකාමී මෙහෙයුම දියත් කරයි
 
සඳේ පාෂාණ සාම්පාල එකතු කිරීම සදහා චීනය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එවැන්නක් සිදු කරනුයේ වසර 40කට පමණ පසුවීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
ඒ අනුව මේ සදහා මිනිසුන් රහිත අභ්‍යාවකාශ යානාවක් මේ සතිය තුළ දී ගුවන් ගත කිරීමට චීනය සැළසුම් කර තිබේ. අදාළ යානාව චැං 5 හෙවත් පුරාණ චීන චන්ද්‍ර දේවතාවියගේ නමින් නම් කර ඇත. 
 
1970න් පසුව සඳෙන් පස් සාම්පල ගෙන ඒම සදහා ලොව දියත් කරනු ලබන පළමු මෙහෙයුම මෙය ලෙස සැලකේ. 
 

නව අදහස දක්වන්න