හදිසි ආපදා අවස්ථාවලට මුහුණ දෙන්න විශේෂ යුද හමුදා බළසේනාවක් පිහිටුවයි | දිනමිණ

හදිසි ආපදා අවස්ථාවලට මුහුණ දෙන්න විශේෂ යුද හමුදා බළසේනාවක් පිහිටුවයි

රටේ පවතින අභියෝග සැලකිල්ලට ගෙන ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදිය හැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව තුළ හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බළසේනාවක්' ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබේ.

එම බළසේනාවට අයත් භට පිරිස් මේ වනවිට පුහුණු කරන බවද ඉදිරියේ දී එය ශ්‍රී ලංකා යුද හමුදා 58 වන සේනාංකය යටතේ නව බළසේනාවක් වශයෙන් නිර්මාණය කරන බවද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

විශේෂයෙන්ම සෑම වසරකම අපේ රට මුහුණ පාන ගංවතුර, නාය යෑම්, ගිනි ගැනීම් හා තවත් හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා වෘත්තීය මට්ටමින් සේනාවක අවශ්‍යතාවය පෙන්වා දෙන හමුදාපතිවරයා රටේ ජනතාවට සේවයක් සැලැසෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව එය ක්‍රියාත්මක කරන බවද පෙන්වා දෙයි.

එම කණ්ඩායම මේ වනවිට පුහුණුවීම් ආරම්භ කර ඇති බවද ඉදිරියේ දී යුද හමුදාවේ පාබල රෙජිමේන්තු තුළ ද මෙම සේනාවන් පුහුණු කරන බවද ඒ මහතා සදහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න