යළි ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛත්වය දෙනවා - යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා | දිනමිණ

යළි ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛත්වය දෙනවා - යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

කොවිඩ් 19 වසංගත තත්ත්වය මත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ දී මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මැදපෙරදිග රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙන බව පවසන ඒ මහතා ඒ අනුව ඉදිරි සතියේ සිට දිනපතා ගුවන් මගින් ඔවුන්ව රැගෙන ඒම සඳහා පියවර ගෙන තිබෙන බවද මැදපෙරදිග කලාපයේ රැදී සිටින ශ්‍රී ලංකිකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන අතරතුර සෙසු රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද කියාසිටී.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න