කොවිඩ් පිළිබඳ නවතම විස්තර | දිනමිණ

කොවිඩ් පිළිබඳ නවතම විස්තර

අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 458 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි 
 ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. 
හඳුනාගත්ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 259 ක්, කලුතර දිස්ත්‍රික්කයෙන්ආසාදිතයින් 78 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 ක් ලෙස වාර්තා වේ.
 
අද (25) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,432 ක් වේ. 
 
ඉන් පුද්ගලයින් 11,156 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.
 
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059
කොළඹ මාළු වෙළඳපලේ පොකුර - 14,373
 
ඊයේ (24) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින්  සංඛ්‍යාව 20,965 ක් වන අතර ඉන් පුද්ගලයින් 14,961 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින්බැහැරව ගොස් ඇත. 
 
ඊයේ (24) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,910 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
 
අද (25) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි
ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 465 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
 
අද (25) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් ගිනිගත්හේන‍්, සියඹලාපේ දකුණ, කොළඹ 15 සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (25) දින උදෑසන වනවිටශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

නව අදහස දක්වන්න