නව පොලිස්පති සිය ධුරයේ වැඩ අරඹයි | දිනමිණ

නව පොලිස්පති සිය ධුරයේ වැඩ අරඹයි

 
මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා අද(27) උදෑසන පොලිස් මූලස්ථානයේදී වැඩ ආරම්භ කළේය.
 
පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා මේ දක්වා වසර දෙකකට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ.
 
ඔහු 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සේවයට එක්වී ඇති අතර, වසර 34ක සේවා කාලයක් මේ වන විට සපුරා ඇත.
 
කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් මොහු උපාධි හිමිකරගෙන ඇත.

නව අදහස දක්වන්න