සා.පෙළ විභාගය ගැන ගන්නා තීරණය ඇමති පැහැදිලි කරයි | දිනමිණ

සා.පෙළ විභාගය ගැන ගන්නා තීරණය ඇමති පැහැදිලි කරයි

 
සති දෙකක් ඇතුළත දිවයිනේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ තීරණයක් ගන්නා බව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
 
පාර්ලිමේන්තුවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කොවිඩ් වසංගතය හමුවේ, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ දායකත්වය ඇගයීමට ලක්කර ඇති බවයි.
 
මේ අතර, තරුණ හා ක්‍රීඩා, ජල සම්පාදන, විදුලිබල හා බලශක්ති යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (28) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

නව අදහස දක්වන්න