එකම ජාතියේ කුරුල්ලෝ වහන්නේ එකම අත්තේ | දිනමිණ

එකම ජාතියේ කුරුල්ලෝ වහන්නේ එකම අත්තේ

අද මම මේ කියන්න යන කථාව නුහුරු නුපුරුදු එකක් වෙන්න පුළුවන්. මිනිහෙක් උපතින්ම කලාත්මකයි. ඒත් දන්නවද උපන්දා ඉඳලම දවසින් දවස වයසට යද්දී අන්න ඒ කලාකරුවාව මරල දානව. කවුද? මේ සමාජය. වහල් අධ්‍යාපන ක්‍රමය එකතු වෙලා මේ කලාකරුව මරලා දානව. හැබැයි බොහොම සීමිත ප්‍රමාණයක් මරන්න බැරි වෙනවා. දුක් කම්කටොලු මැද සමාජයේ තියෙන කටු කම්බි මැද අන්න ඒ මිනිස්සු බොහොම දුර්ලභව වැඩෙනවා.

මම කියන්නේ එයාලට තියෙනවා මේ සමාජයේ ලොකු මෙහෙවරක් කරන්න. ඒ කියන්නේ අර මරල දාපු අහිංසක කලාකරුවන්ව නැවත උපද්දදවන්න. සමහර උපද්දදවන්න හරිම ලේසියි. ඉපදෙනවා. හැබැයි සමහරු ජීවිතාන්තය දක්වා මිය යනවා. මම හිතනවා හැම කලාකරුවෙක්ම එකට අත්වැල් බැඳන් යදම් වැලක් වගේ කියලා. හැම කලාකරුවෙක්ටම යුතුකමක් තියනව මේ මහා පොලව වෙනුවෙන් යමක් කරන්න ඒක

අපි හැමෝම එකතු වුනොත් කරන්න පුළුවන්. හරියටම කියනවනම් අර වටු කුරුළු රෑන එක පාර ශක්තිමත්ව ඉගිලිලා ගියා වගේ. මතක තියා ගන්න දවසක එක ජාතිය කුරුල්ලා එක අත්තේ වහනව.

 

 

 පුබුදු දිසානායක

නව අදහස දක්වන්න