ධීවර කර්මාන්තය පාසල් අධ්‍යාපනයට ඇතුළත් කළ යුතුයි - පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් | දිනමිණ

ධීවර කර්මාන්තය පාසල් අධ්‍යාපනයට ඇතුළත් කළ යුතුයි - පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

කෘෂිකර්මය විෂයක් ලෙස පාසල් අධ්‍යාපනයට එක් කළ අයුරින්ම ධීවර කර්මාන්තයද පාසල් විෂයට එක් කර දරුවන්ට ඉගැන්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවසීය.

එසේ නොවුණහොත් තරුණ පිරිස් දිනෙන් දින මේ ක්ෂේත්‍රයෙන් ඉවත්ව යන බවත් එය වළක්වා ගැනීමට නම් පාසල් අධ්‍යාපනයේ සිට මෙහි ඇති වැදගත්කම පෙන්වා දිය යුතු බවත් කාරක සභා විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ (27) එක් වෙමින් හෙතෙම කීවේය.පාරම්පරික පිරිසක් සිටින නිසා යම් තරමකින් හෝ මේ ව්‍යාපාරය රැඳී ඇති බව පෙන්වා දුන් හේරත් මහතා මෙරට වගේ අට ගුණයකින් මුහුදු සම්පත තිබුණද ඉන් නිසි ඵල නෙළා ගැනීමට මේ වන තෙක් කිසිදු රජයක් සමත්ව නොමැති බව කියා සිටියේ.

නවීන තාක්ෂණය මෙන්ම නව ධීවර වරායන් ඉදි කරන බවට ඇමැතිවරයා පවසා සිටියද තිබෙන වරායක් හෝ සංවර්ධනය කර ගැනීමට නොහැකි වී ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න