ආණ්ඩුව ගැසට් ගහනවා විතරයි බඩු මිල අඩු නෑ - පා. ම. ජේ. සී. අලවතුවල | දිනමිණ

ආණ්ඩුව ගැසට් ගහනවා විතරයි බඩු මිල අඩු නෑ - පා. ම. ජේ. සී. අලවතුවල

 

සහල් මිල ගණන් සම්බන්ධයෙන් විවිධ කතා ඉදිරිපත් කරන වත්මන් ආණ්ඩුව සහල් සඳහා පමණක් මේ වනවිට ගැසට් පහක් නිකුත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා ඊයේ (27) පැවසීය. ඉන්ධන පමණක් නොව භාණ්ඩ රැසක මිල වැඩිවී තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා සෑම සහල් වර්ගයක්ම රුපියල් සියයට වඩා මිල වැඩිවී තිබෙන බවද නමුත් රජය ගැසට් පමණක් නිකුත් කර තිබෙන බව පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ සහල්වලට අමතරව සැමන්, පරිප්පු ඇතුළු භාණ්ඩ රැසක් සඳහා ගැසට් නිකුත් කර තිබෙන බවයි. ජෝතිපාල ගහපු කැසට්වලට වඩා මේ ආණ්ඩුව ගැසට් ගහල තිබෙනව කියල ජනතාව කියන බවද ඒ මහතා පැවසීය.

නව අදහස දක්වන්න