සීතල දුරු රටක මලී මව් පදවියට සූදානම් | දිනමිණ

සීතල දුරු රටක මලී මව් පදවියට සූදානම්

සමාධි අරුණඡායා බොහෝ දෙනෙක් දැනගත්තේ මලී ටෙලී නාට්‍යයේ මලී විදිහට.ඇය නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයින් අතර ආදරනීය චරිතයක් බවට පත්වුණා. ඇය මෑතකදී පුංචි තිරයෙන් මුණගැහුණේ සිදු ටෙලි නාට්‍යයෙන්. ඒ වගේම වෛශ්නාවී සිනමා නිර්මාණයෙනුත් අපට ඇයව මුණ ගැහුණා. නමුත් දැන්නම් ඇය නිර්මාණවලින් ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇය ලංකාවේ නොසිටින නිසා.සමාධි දැන් පුංචි පවුලත් එක්කම ජීවත් වෙන්නේ කැනඩාවේ. මේ වෙකොට සමාධි දුවෙක්ගෙයි පුතෙක්ගෙයි මවක්. ඒ විතරක් නෙමෙයි සමාධි ආයෙත් මවක් වෙන්නයි සූදානම. ඇයට ලැබෙන්න ඉන්නේ දුවක්. එළඹෙන වසරේදී ඒ පුංචි අමුත්තිය පවුලට එකතු වෙන්න නියමිත බවයි ආරංචි වුණේ.

නව අදහස දක්වන්න