කොවිඩ් සිරුරු භූමදානය කළ හොත් අවු 100කින් හෝ වයිරසය මතු විය හැකියි | දිනමිණ

කොවිඩ් සිරුරු භූමදානය කළ හොත් අවු 100කින් හෝ වයිරසය මතු විය හැකියි

කොරෝනා ආසාදිතව මියගිය සිරුරු භූමදානය කළ හොත් එම වයිරසය නැවත වසර 100කින් හෝ මතුවීමේ අවධානමක් තිබෙන බව සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසයි.  කොවිඩ් අසාදිත පුද්ගලයෙකු මරණයට පත්වූ විට එම පුද්ගලයාගේ දේහයේ ඇති වෛරස විනාශ වී යන බවක් මේ වන විට කිසිවෙකු විසින් සොයාගෙන නොමැති බවත් එවැනිම වූ ඉබෝලා,පෝලියෝ,ස්පාඥ්ඤ උණ වැනි රෝගයන්හි වෛරස භුගතව නිශ්ක්‍රීයව තිබී වසර සිය ගණනකට පසුව ශක්‍රීය වි ඇති බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙන බවත් ඒ මහතා කීය.

සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා මේසේ පැවසුවේ කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව පිළිබඳව අදහස් දක්වමිනි.

කොරෝනා ආසාධිත දේහ භූමදානය කිරිමෙන් මගින් වෛරසය නැවත වසර ගණනාවකින් මතුවුව හොත් ආනාගත පරපුර හමුවේ අප වැරදි කරුවන් වන බවත් ක්ෂුද්‍රජීවී බැක්ටීරියා හා වෛරස් සමඟ කටයුතු කිරීම පරමාණුවක් හා කටයුතු කිරීමට වඩා භයානක බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙම වෛරසය හමුවේ ලංකාව පමණක් නොව බලගතු තාක්ෂණයක් ඇමරිකාව,රුසියාව,චීනය වැනි රටවල් දන බිමගසා සිටින බවත් මෙරට ඇතිව තිබෙන ගැටලුව වන්නේ කෝවිඩ් -19 වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය හෝ භූමදානය කිරිම සම්බන්ධව ගැටලුවක් මතුවීම බවත් කී ඒ මහතා කොරෝනා රෝගය මගින් බරපතල තර්ජනයක් මානව ශිෂ්ඨාචාරයට ඇතිවී තිබෙන බවද ප්‍රකාශ කළේය.

කොරෝනා ආසාදිතයෙක් මියගිය පසු එම වෛරසයේ ක්‍රියාකාරීත්වයද ශුන්‍ය වන බව මෙතෙක් කිසිදු විද්‍යාඥයෙකු ප්‍රකාශ කර නොමැති බවද වසර 30 000 ක පමණ කාලයක් පොළවේ නිද්‍රාව සිට පරිසර තත්වයන් යහපත් වු විට නැවත ශක්‍රීය වීමේ හැකියාව වෛරසයකට තිබෙන බවද හෙතෙම කීය.

එලෙසම 1918 දි මතුවු කොරෝනා වැනිම බරපතල මාරාන්තික වෛරසයක් වු ස්පාඤ්ඤ උණට හේතුවූ වෛරසයද මෙලෙසම භුගතව තිබී මතුවූ එකක් බවත් පෝලියෝ වෛරසය කුණු ගොඩවල් වල තිබී හමුවූ බව අප අමතක නොකළ යුතු බවත් ඒ මහතා පැවසුවේය.

කොවිඩ් -19 වෛරස පිළිබඳව වර්තමාන ලෝකයේ විද්‍යාඥයන්ගේ වෛද්‍යවරුන්ගේ හා විද්වතුන්ගේ දැණුම ඉතාමත් අඩු මට්ටමක බවට පවතින බවට හොඳම සාධකය මෙම වෛරසය මර්දනය සඳහා සාර්ථක ඖෂධයක් මේ දක්වාම සොයා නොගැනීම බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ නිසා අසරණව සිටින බවත් කී මහචාර්වවරයා වෛද්‍ය විද්‍යාව ඉතාමත් දියුණු මට්ටමක පැවතියත් කොවිඩ් වෛරසය පාලනය කිරීමට හැකි ඖෂධයක් තවමත් සොයා ගැනීමට නොහැකිව තිබෙන වාතාවරණයක ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී අපි ඉතාමත් පරිස්සම් විය යුතු බවද අවධාරණය කළේය.

මෙම වෛරසය මහ පොළොව මත තැන්පත් කිරීම කාල බෝම්බයක් තැන්පත් කිරීම හා සමාන බවත් කාල බෝම්බය පුපුරා යන නිශ්චිත කාල සීමාවන් මිනිසාට ප්‍රකාශ කළ හැකි වුවත් කොවිඩ් වෛරසය මහ පොළොව මත මිහිදන් වූ පසු නැවතත් සක්‍රීය වන කාලය කිසිවෙකුට හෝ මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බවත් වෛරසය පිළිබඳ පරීක්ෂණ පවත්වන ප්‍රංශ විශේෂඥ කණ්ඩායමක් පවදා තිබෙන බවද ඒ මහතා කීය.

 

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න