මානසික සෞඛ්‍ය විද්‍යායතනයට මොබිටෙල් සබඳතා විසඳුම් | දිනමිණ

මානසික සෞඛ්‍ය විද්‍යායතනයට මොබිටෙල් සබඳතා විසඳුම්

ශ්‍රී ලංකාවේ ජාතික ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන රෝගීන් හට සබඳතා විසඳුම් දීම සඳහා එම ආයතනය සමඟ අත්වැල් බැඳ ගත්තේය.

මේ සබඳතාව හරහා, කොවිඩ් වයිරසය ආසාදනය වී සිටින හා ආසාදනය වී ඇති බවට සැකය මත හුදෙකලා කර ඇති සුළු මානසික රෝගවලින් පෙළෙන රෝගීන් හට සිය ආදරණීයයන් සමඟ සම්බන්ධ වීම තුළින් මානසික පීඩනය සහ කේන්තිය පාලනය කර ගැනීමේ අවස්ථාව උදා වේ.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, රෝගී සත්කාර, ශක්‍යතා වර්ධනය, උපදේශනය, ප්‍රජා සබඳතාව, බහු අංශ සබඳතාව සහ ඉහළ පුහුණුවක් සහිත ශ්‍රම බළකායක පර්යේෂණ හරහා පරිපූර්ණ සහ සාක්ෂ්‍ය මත පදනම් වූ මානසික සෞඛ්‍ය සේවා පිරිනැමීමට කටයුතු කරයි.

වමේ සිට දකුණට, මොබිටෙල් සමාගමේ නවෝත්පාදන අංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගමගේ, එම සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරෝෂ විජේවික්‍රම, මොබිටෙල් සමාගමේ ව්‍යාපාර අංශයේ ගිණුම් කළමනාකාර සමින්ද පැට්‍රික් මහත්වරු.

 

නව අදහස දක්වන්න