සෞඛ්‍යට මුල්තැන දී නිරෝධායන නීතිය රකිමින් තෛපොංගල් සමරන්නැයි ඉල්ලීමක් | දිනමිණ

සෞඛ්‍යට මුල්තැන දී නිරෝධායන නීතිය රකිමින් තෛපොංගල් සමරන්නැයි ඉල්ලීමක්

හෙටට(14) යෙදෙන තෛපොංගල් උත්සවය ද පවුලේ අයට පමණක් සීමා කරගනිමින් සෞඛ්‍ය උපදෙස්වලට ගරුකරමින් සමරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
 
හුදෙකලා බවින් නිදහස් කළ කොළඹ ඇතැම් ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති අනුගමනය නොකරන බව පෙනී ගොස් ඇත. ඒ සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සිදු කළ නිරීක්ෂණවලදීය. 
 
සෞඛ්‍ය උපදෙස් කඩකළහොත් එම ප්‍රදේශ නැවත හුදෙකලා කිරීමට සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 
 

නව අදහස දක්වන්න