අභියෝග ජය ගනිමින් ලංකා බැංකුවෙන් පුරෝගාමි මෙහෙයක් | දිනමිණ

අභියෝග ජය ගනිමින් ලංකා බැංකුවෙන් පුරෝගාමි මෙහෙයක්

දේශීය බැංකු ක්ෂේත්‍රය තුළ අද්විතීය සන්නාමයක් සනිටුහන් කරමින්, ලංකා බැංකුව බලාපොරොත්තු සහිතව 2020 අභියෝග සාර්ථකව ජයගැනීමට සමත්වී තිබේ. ගෝලීය Covid-19 ව්‍යසනකාරී තත්ත්වය තුළ අඛණ්ඩ සේවා සැපයීම සඳහා නව්‍ය උපාය මාර්ගික සැලසුම් අනුගමනය කිරීමට සමත්වූ බවත්.ඒ සඳහා ලංකා බැංකුව සතු පරිණත මානව සම්පත උපයෝගී කර ගනිමින් දේශීය ආර්ථික වර්ධනයට දායකත්වය සපයමින් 2021 නව වසරට සාර්ථකව මුහුණ දෙන්නට බැංකුව සමත්ව ඇතැයි පසුගියදා පැවති මාධ්‍ය හමුව අමතමින් ලංකා බැංකුවේ සභාපති කාන්චන රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.

ලංකා බැංකුව විසින් රු. බිලියන 39ක් ‘සෞභාග්‍යා Covid-19 ණය යෝජනා ක්‍රමය‘ යටතේ Covid-19 ව්‍යසනය හේතුවෙන් මූල්‍ය අපහසුතාවන්ට ලක් වූ ව්‍යාපාරිකයන්ට කාරක ප්‍රාග්ධනය සංවර්ධනය හා කෘෂිකාර්මික අංශය සඳහා BOC ‘දිවි උදාන‘ ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ඇතුළුව රුපියල් බිලියන 128ක් දී මට සමත්වීතිබේ.

2020 සැප්තැම්බර් 30න් අවසන් මාස 9 සඳහා පමණක් බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 16. 6 ක් සහ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 11. 7ක් විය. මේ කාලසීමාව සඳහා බැංකුවේ මුළු ආදායම රුපියල් බිලියන 181. 8ක් වන අතර, එය 2%ක ආන්තික වැඩි වීමකි. මේ කාලසීමාව සඳහා අරමුදල ්නොවන ආදායම රුපියල් බිලියන 12. 9ක් වී ඇති අතර, එය රුපියල් බිලියන 1. 7ක වැඩි වීමකි. එයින් විනිමය ලාභය රුපියල් බිලියන 3. 6ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ සියලු අභියෝග අතර බැංකුවේ වත්කම් පදනම 17% කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 2. 8ක් බවට පත්ව වර්ධනය වී ඇති අතර, ණය කලඹේ වර්ධනය 25% කි. බැංකුවේ සමස්ත ණය කලඹ රුපියල් ට්‍රිලියන 1. 9ක් වන අතර, රජය විසින් ආරම්භ කරන ලද ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ප්‍රදානය, ව්‍යාපාර පුළුල් කිරීම සඳහා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා අරමුදල් අවශ්‍යතා සැපයීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට ණය දීම සහ කෘෂිකාර්මික, ධීවර වැනි ප්‍රමුඛතා අංශ ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ණය දීමට ලංකා බැංකුව විසින් දායක වී ඇති අතරම අදාළ ක්‍ෂේත්‍ර වෙනුවෙන් මේ කාලසීමාව තුළ කාලීන ණය, ව්‍යාපෘති ණය, පුද්ගලික ණය ආදී පහසුකම් දීමට කටයුතු කර තිබේ. ව්‍යාපාර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලමින් බැංකුව ප්‍රදානය කළ ණය හේතුවෙන් කාලීන ණය 28% කින් වර්ධනය වී තිබේ. අඩු පොලී අනුපාත තිබියදීත් බැංකු ක්‍ෂේත්‍රයේ 24% ක් නියෝජනය කරන ලංකා බැංකුවේ තැන්පතු පදනම රුපියල් ට්‍රිලියන 2. 3ක් නියෝජනය කරන්නේ අඩු වියදම් අරමුදල් උත්පාදනය කරන ජංගම හා ඉතුරුම් තැන්පතු 33% ක ප්‍රතිශතයකින් වැඩි කර ගනිමිනි. දෙසැම්බර් මස අවසන් වන විට ආමුඛ ප්‍රේෂණ (Inward Remittances) සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2. 7ක් එනම් 1. 18%ක වර්ධනයක් පෙන්නුම් කරන ලදි. 2020 දෙසැම්බර් 01 වැනිදා බිලියන 10 ක AT 1 බැඳුම්කර නිකුතුව සිදුකළ අතර 2020 ජුලි මාසයේදී බිලියන 5ක ප්‍රථම AT 1 බැඳුම්කරය සාර්ථකව සම්පූර්ණ කරන්නට හැකි විය. මේ බැඳුම්කර නිකුතුවල ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර ව්‍යාප්තියට අවශ්‍ය බැංකුවේ ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබී ඇත. නියාමන සම්මතයන්ට වඩා ඉහළින් 2020 සැප්තැම්බර් 30 වන විට බැංකුවේ ස්ථීර ප්‍රාග්ධනය සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය පිළිවෙළින් 10.4% සහ 14.0% ක් විය. බැංකුවේ ව්‍යස්ථාපිත ද්‍රවශීලතා තත්ත්වයද වාසිදායක මට්ටමක පැවති අතර, එය 29% කි. එය එහි සාමාන්‍ය වන 20% කට වඩා ඉහළ අගයක් වාර්තා කරයි. කෙසේ වෙතත්, Covid-19 ව්‍යසනයේ අභියෝග මධ්‍යයේ වුවද, නව ශාඛාවක් සහ නව ‘සීමිත සේවා’ ශාඛා දෙකක් විවෘත කිරීමෙන් සිය ගනුදෙනුකාර සේවය පුළුල් කිරීමට ලංකා බැංකුවට හැකි වූ අතර, පසුගිය වර්ෂය තුළ ශාඛා 22ක් නැවත ස්ථානගත කර ඇත. එමෙන්ම, නව CRM යන්ත්‍ර 132ක් ස්ථාපිත කිරීමටද බැංකුවට හැකියාව ලැබිණි. ඒ හා සමගම ලංකා බැංකුවේ ගනුදෙනුකාර සේවා ස්ථාන ප්‍රමාණය 2,000 දක්වා වර්ධනය වීම බැංකුව ලද මහඟු ජයග්‍රහණයකි. මීට අමතරව බැංකුව විසින් නව සාමාන්‍යකරණයට අනුවර්තනය වෙමින් ඩිජිටල්කරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර, ගනුදෙනුකරුවන් සාමාන්‍ය සුපුරුදු බැංකුකරණයේ සිට ඩිජිටල් බැංකුකරණය වැලඳ ගැනීමේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මෑත කාලීනව BApp, Smart Pay, Online banking හරහා මාර්ගගත ගනුදෙනු වැඩිවීමක් පෙන්නුම් කරයි. වසරේ අග භාගයේදී අරමුදල් අවශ්‍යතා සැපයීමෙන් එහා ගිය බැංකුව ජාතියේ බැංකුකරුවාගේ භූමිකාවෙන් පියවරෙන් පියවර ඔබ්බට ගොස් බස්නාහිර පළාතෙන් පිටත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුද සාර්ථකව නිම කරන ලදි. ව්‍යාපාර ප්‍රතිනිර්මාණය සඳහා නවමු අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගැනීම මෙන්ම කාර්ය මණ්ඩලයේ සහ ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ උපරිම අවධානය යොමු කරන්නට බැංකුව සමත් වී ඇත. ලොව ප්‍රධානතම බැංකු 1,000 අතරට පත් වූ ලංකා බැංකුව The Banker (UK) සඟරාව මගින් දිවයිනේ අංක එකේ බැංකු සන්නාමය බවට නම් කිරීමද, ලංකා බැංකුව ලද ජයග්‍රහණයකි. SLIM-Nielsen’s 2020 සම්මාන උළෙලේදී People’s Banking Service of the Year සම්මානයෙන් පිදුම් ලද ලංකා බැංකුව Brand Finance Lanka සහ Media Services (Pvt) Ltd එකමුතුවෙන් ප්‍රකාශයට පත් කරන ‘Brand Annual‘ හිදී අඛණ්ඩව දොළොස්වැනි වරටත් දිවයිනේ අංක එකේ බැංකු සන්නාමය බවට ප්‍රකාශයට පත්කිරීමද විශේෂත්වයකි.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය CIMA Sri Lanka සහ Daily FT මගින් දිවයිනේ වඩාත් පිළිගැනීමට ලක් වූ ආයතන 10 අතරට පත් වීමටත්, Best HR Organization to work for ලෙස Global HR Excellence 2020 සම්මාන උළෙලේදී පිදුම් ලබන්නටත් ආසියානු සංවර්ධන බැංකුව මගින් The Best Employer Brand Awards 2020‘ සම්මානයට පාත්‍ර වන්නටත් ලංකා බැංකුව සමත් වී ඇත.

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න