අතේ ඇති මුදලට හොඳම වාහනය ‘රියසක්වල’ | දිනමිණ

අතේ ඇති මුදලට හොඳම වාහනය ‘රියසක්වල’

වසර 40ක් පුරා බජාජ් වාහන මෙරටට ගෙන්වා බෙදා හැරීමේ එකම නියෝජිතයා ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් මෙරට පාරිභෝගිකයන්ට දී ඇති විශ්වාසය තවත් තහවුරු කරමින් සමාගමට අනුබද්ධ ‘රියසක්වල‘ විසින් ‘DPMC සහතික කළ ත්‍රිරෝද රථ’ (DPMC Certified Three-wheelers) පසුගියදා මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.

මේ පිළිබඳ අදහස් දක්වමින් රියසක්වල වෙතින් පසුගියදා ත්‍රිරෝද රථයක් මිලදී ගත් ග්‍රේෂන් උපාලි මදුරසිංහ මහතා පැවසුවේ රියසක්වල සේවාව පිළිබඳ ඔහු ඉතා සෑහීමට පත් වන බවයි. බොරැල්ලේ පදිංචි උපාලි මහතා කාසල් රෝහලේ සේවය කරන අතර තම පවුලේ පාවිච්චියට මෙන්ම අමතර ආදායමක් උපයා ගැනීමේ ක්‍රමයක් ලෙස ත්‍රිරෝද රථය මිලට ගත් බව කියා සිටියේය.

‘ මම පෞද්ගලික අංශයේ ආයතනයක සේවය කරනවා. අද කාලෙ පවතින ආර්ථික තත්ත්වය සමඟ අමතර ආදායමකුත් හොයා ගන්න හිතාගෙන තමයි මම ත්‍රීවිල් එක ගත්තෙ,” ඉම්රාන් මහතා පැවසුවේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රියසක්වළ කාර්ය මණ්ඩලයේ සේවය පිළිබඳ ඔහු ස්තූති වන්ත වන අතර ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට අවශ්‍ය අයට තමා රියසක්වළ නිර්දේශ කරන බවයි. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් හි DPMC සහතිකය සමඟ ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමේ අවස්ථාව ඇත්තේ රියසක්වළ වෙතින් පමණි. එපමණක් නොව රියසක්වළ වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට සහතික කළ මෙන්ම නොකළ ලිපාදිංචි ත්‍රිරෝද රථ, මෝටර් සයිකල්, කුඩා ට්‍රක් රථ, කාර් ඇතුළු වෙනත් වාහන මිලදී ගැනීමේ හැකියාව ඇත.

 

නව අදහස දක්වන්න