හේමාස් වෙතින් රෝහල් සඳහා දීවා පවර් ජර්ම් ගාඩ් පරිත්‍යාග කරයි | දිනමිණ

හේමාස් වෙතින් රෝහල් සඳහා දීවා පවර් ජර්ම් ගාඩ් පරිත්‍යාග කරයි

කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීමට අඛණ්ඩව දායකත්වය සපයමින් සිටින හේමාස් මැනුෆැක්චරින් ආයතනය කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන වන නැඟෙනහිර කොළඹ මූලික රෝහ‍ල, මුල්ලේරියාව සහ හෝමාගම මූලික රෝහල වෙත දීවා පවර් ජර්ම් ගාඩ් රෙදි සේදුම් කුඩු ප්‍රදානය කිරීමට පසුගියදා පියවර ගත්තේය. එමගින් එම රෝහල් තුළ පවතින රෙදි සේදීමේ අවශ්‍යතා සඳහා උපකාරී වීමට හැකිවී තිබේ.

හේමාස් මැනුෆැක්චරින් යනු ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ආරක්ෂා කරමින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් කැපවූ දේශීය සමාගමකි. විශේෂයෙන්ම පවතින වසංගත කාලසීමාව තුළ එම කැපවීම, සමාගමේ ඉහළ ප්‍රමුඛතාවක් බවට පත්ව තිබේ.

විශේෂයෙන්ම, කොවිඩ්-19 තත්ත්වය වේගයෙන් වර්ධනය වන පසුබිමක, රෝගීන් මෙන්ම රෝහල් සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ද හේමාස් ආයතනය මනා වැටහීමක පසු වෙයි.

මෙහිදී නැඟෙනහිර කොළඹ මූලික රෝහල, මුල්ලේරියාව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මුදිතා පෙරේරා මහත්මිය සහ හෝමාගම මූලික රෝහල වෙනුවෙන් එහි වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා මේ පරිත්‍යාග බාර ගත්හ.

 

නව අදහස දක්වන්න