රාජා ජුවලර්ස් වෙතින් ප්‍රවීණයන් හමුවීමට අවස්ථාවක් | දිනමිණ

රාජා ජුවලර්ස් වෙතින් ප්‍රවීණයන් හමුවීමට අවස්ථාවක්

ස්වර්ණාභරණ ලොව කිරුළ පැලැඳි රාජා ජුවලර්ස් සුවිශේෂ මංගල ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුප්‍රකට රූපලාවණ්‍ය ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, මල් සැකසුම් ශිල්පීන්, ඇඳුම් නිර්මාණ ශිල්පීන්, සූපවේදීන්, මංගල උත්සව සැලසුම් ශිල්පීන් හමු වීමේ මහඟු අවස්ථාව රාජා ජුවලර්ස් ඔබට පිරිනමයි. මේ ප්‍රවර්ධන වැඩසටහන මේ මස 09වැනිදායින් ආරම්භවී සෑම සෙනසුරාදාවකම උදෑසන 11 සිට සවස 3 දක්වා පැවැත්වේ. ඒ අනුව රූපලාවණ්‍ය ශිල්පීන් වන ඉසුරු ජීවන්ත හා රුචිරා ලියනගමගේ, මනාලියන්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පී චරිත් විජේසේකර, මනාලයන්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පී කනූෂ් සූරියබණ්ඩාර, උඩරට ඇඳුම් නිර්මාණ ශිල්පී රුවන් විදානගේ, ඡයාරූප ශිල්පීන් වන මහේෂ් බන්සා සහ ධනුක කුමාරසිංහ, මල් සැකසුම් ශිල්පීන් වන බුද්ධික ඉඩමේගෙදර හා වෛද්‍ය ලසන්ත මලවිගේ, සූපවේදි මාර්ටිනස්, මංගල උත්සව සැලසුම් ශිල්පී ලසන්ත පීරිස් ඔබට බම්බලපිටිය රාජා ජුවලර්ස් ප්‍රදර්ශනාගාරයේදී හමු විය හැකිය.

1928දී කොළඹ චැතැම් වීදියේ ඊ. ඒ. ප්‍රනාන්දු මහතා ආරම්භ කළ ඊ. ඒ. ප්‍රනාන්දු ජුවෙලර්ස් අති සාර්ථක ගමනක යෙදුණු අතර 1962දී ඔහුගේ පුත් රාජා ප්‍රනාන්දු මහතා තවත් පියවරක් ඉදිරියට තබමින් එය රාජා ජුවෙලර්ස් ලෙස නම් කළේය. ඉන් පසු රාජා ප්‍රනාන්දු මහතාගේ දරුවන් වන තුන්වැනි පරපුර නියෝජනය කරන අශෝක එලියපුර සහ අතුල එලියපුර රාජා ජුවෙලර්ස් සීමිත වගකිීම් සහිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කළහ. අලෙවියෙන් පසු සේවාවෙහි විශිෂ්ටත්වය සම්බන්ධයෙන් නම් දැරූ රාජා ජුවෙලර්ස් රන්කම්වල මනා පළපුරුද්දක් ඇති 400කට අධික සේවක මණ්ඩලයක් මගින් පාරිභෝගික අවශ්‍යතාව ඉක්මවා යන දැකුම්කලු මෝස්තර නිර්මාණය කරයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධාන කළ ජනාධිපති රාජ්‍ය සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ස්වර්ණාභරණ නිෂ්පාදකයා, ඉහළම ප්‍රමිති මුද්‍රා තැබූ ස්වර්ණාභරණ ආයතනය, විශිෂ්ටම රන් ආභරණ නිර්මාණය සහ පළපුරුදුම මැණික් කැපීමේ ශිල්පියා සඳහා වන ජනාධිපති රන් සම්මාන හතරකින් පිදුම් ලබමින් ස්වර්ණාභරණ ලොවේ කිරුළු පැලැඳි රජු ලෙස නැවතත් අභිෂේක ලබන්නට රාජා ජුවලර්ස් සමත් විය.

 

නව අදහස දක්වන්න