නව ලොව දියුණු තාක්ෂණය සහිත රටවල ගනුදෙනුකාර භවතුන් භුක්ති විඳින සුපිරි ගණයේ කාර්යක්ෂම සහ වඩාත් පහසු සුපිරි ගනුදෙනුකාර සේවා මෙරට ජනතාවට හඳුන්වාදීමට මුල් වූ මහජන බැංකු පවුල තවත් පියවරක් ඉදිරියට තබමින් පීපල්ස් පේ-වේ (People's PAYWAY) නමින් වේගවත් ඩිජිටල් ගනුදෙනුකාර සේවාවක් ආරම්භ කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම හා එයට අනුබද්ධිත පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම තම ගනුදෙනුකරුවන්ගේ කාර්යබහුල දිවියට තවත් පහසුවක් සලසමින් ගනුදෙනුකරුවන් ගේ සියලුම ගෙවීම් සිදුකිරීම සඳහා විවිධ පහසුකම්වලින් සමන්විත සේවා ජාලයක් මහජන බැංකු මව් සමාගම හා එක්ව හඳුන්වා දුනි.
මෙම නවතම සේවා පහසුකම පීපල්ස් පේ-වේ (People's PAYWAY) ලෙසින් හදුන්වා දී ඇති අතර මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක මඟින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික, ණය වාරික, රන් ණය වාරික සහ අනෙකුත් ගෙවීම් මෙන්ම පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ රක්ෂණ වාරික ගෙවීමේ පහසුකම් දැන් සපයා තිබේ.
මෙම සුවිශේෂී සේවාව නිල වශයෙන් දියත් කිරීම පසුගියදා සිදු වූ අතර එම අවස්ථාවට මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි් යන මහත්වරුන් එක්ව සිටියහ.
එසේම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී රන්ජිත් කොඩිතුවක්කු , පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් , පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරී දීපාල් අබේසේකර යන මහත්වරුන් සහ එම ආයතන තුනේ ජේෂ්්‍යඨ නිලධාරීන් ද සහභාගී වූහ.
ජයසිරි මුණසිංහ
නව අදහස දක්වන්න