Thursday, ජනවාරි 14, 2021 - 01:00
ජපානයේ ටෝකියෝහිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලි අවලංගු කිරීමට හෝ කල් දැමීමට ජපානයේ ජනගහනයෙන් 80%කට ආසන්න සංඛ්‍යාවක් කැමත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
ජපානයේ ප්රවෘත්ති සමීක්ෂණයක් මඟින් කළ විමසුමකදී ඊට එක් වූ පිරිසෙන් 35.3%ක් ප්‍රකාශ කර ඇත්තේ ටොකියෝහිදී පැවැත්වෙන ඔලිපිම්ක් ක්‍රීඩා උලෙළ අවලංගු කළ යුතු බවයි. ක්‍රීඩා උලෙළ කල් දමන ලෙස 44.8%ක පිරිසක් පවසා ඇත.
පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසර දක්වා කල් දැමිණි. එය ජූලි 23 සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
නව අදහස දක්වන්න