ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කැපව සිටිනවා අගමැති | දිනමිණ

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කැපව සිටිනවා අගමැති

අභියෝගාත්මක කාලවකවානුවක වුවද සෞභාග්‍යවත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැප වී සිටින බව අද (14) ට යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. සියලු ආගම්වල මානුෂීය අදහස් පිළිබඳ තෛපොංගල් උත්සවය අවබෝධයක් ලබා දෙන බව පවසන අගමැති රාජපක්ෂ මහතා, ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙක වෙනස් වුවද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බව ද කියා සිටියි.

අගමැතිවරයා නිකුත් කර ඇති සුභාශිංසන පණිවිඩයේ මෙසේ ද සඳහන් කර තිබේ. ලොව පුරා දමිළ ජනතාව බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට සුභාශිංසන එක් කරනුයේ ඉමහත් සතුටිනි. හින්දු දින දර්ශනයට අනුව පළමු මාසය “තෛ” යනුවෙන් හැදින්වෙන අතර පොංගල් යන්නෙන් උදාව යන්න අර්ථවත් වේ.

තෛයිපොංගල් උත්සවය සමරන සහෝදර දමිළ ජනතාවට සියලු අනාගත අපේක්ෂාවන් ඉටුවන සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා! යැයි මෙම ප්‍රීතිමත් දිනයේ මම සුබ ප්‍රාර්ථනා කරමි.

නව අදහස දක්වන්න