පිල්ලෙයාන් ඇතුළු 5ක් නිදහස් | දිනමිණ

පිල්ලෙයාන් ඇතුළු 5ක් නිදහස්

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ,මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකදී ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රකාන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.සුසයිදාසන් මහතා ඊයේ(13) නියෝග කළේය.

විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා මඩකලපුව මහාධිකරණය වෙත පසුගිය (11) වැනිදා දැනුම් දුන්නේය. නීතිපතිවරයාගේ එම ඉල්ලීම අනුව නඩුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී..සුසයිදාසන් මහතා ඊයේ (13) දින ලබාදී තිබුණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් සිල්වා,කිරුශාන්තන්රාජා,කජන් මාමා හෙවත් කුනහනායගම්,හමුදා බුද්ධි අංශ නිළධාරි මධුශංක ⁣(විනෝත්) ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මඩකලපුව මහාධිකරණය හමුවේ පසුගිය දා මෙම නඩු පවරා තිබුණි .

නීතිපතිවරයා එම ඉල්ලීම මත නඩුව තව දුරටත් ඉදිරියට පවත්වන් නොයන බව සිය තීන්දු ලබාදෙමින් ඊයේ(13) ප්‍රකාශ කළ විනිසුරුවරයා විත්තිකරුවන් පස්දෙනා නිදොස්කොට නිදහස් කිරීමය එසේ නියෝග කළේය.

 

 

කුමුදු හෙට්ටිආරච්චි සහ

ටී එල් ජවුෆර් මඩකලපුව සමූහ

නව අදහස දක්වන්න