හින්දු කෝවිල් 100කට මුදල් පරිත්‍යාග | දිනමිණ

හින්දු කෝවිල් 100කට මුදල් පරිත්‍යාග

තෛපොංගල් උත්සවය සැමරීම සඳහා දුෂ්කර පළාත්වල තෝරා ගත් හින්දු කෝවිල් 100ක් සඳහා රුපියල් දස දහසක් වටිනා චෙක්පත් පරිත්‍යග කිරීම අරලියගහ මන්දිරයේදී ඊයේ (13) සිදු කෙරිණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම චෙක්පත් ප්‍රදානය සිදු විණි.

මෙම චෙක්පත් ප්‍රදානය සංකේතවත් කරමින් කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර හා ගම්පහ කෝවිල් සඳහා චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු කෙරුණු අතර අනෙකුත් කෝවිල් සඳහා දිස්ත්‍රික් මට්ටමින් චෙක්පත් ප්‍රදානය කෙරේ.

මෙයට පෙර නව රාත්‍රී උත්සව සමයේ රටපුරා තෝරාගත් කෝවිල් 40කට අගමැතිවරයාගේ උපදෙස් පරිදි රුපියල් පනස් දහස බැගින් ප්‍රදානය කෙරිණි.

අැමැති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් හා අගමැති සම්බන්ධීකරණ ලේකම් (වැවිලි) සෙන්දිල් තොණ්ඩමන් මහත්වරු මෙම අවස්ථාව එක්ව සිටියහ.

නව අදහස දක්වන්න