මුගුණුවටවන වැලි ජාවාරමට එරෙහිව විරෝධතාවක් | දිනමිණ

මුගුණුවටවන වැලි ජාවාරමට එරෙහිව විරෝධතාවක්

හලාවත මාදම්පේ මුගුණුවටවන ප්‍රදේශයේ සිදු කර ගෙන යන මහා පරිමාණ වැලි කැණිමකට විරෝධය පළ කරමින් මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථාන දෙකක ස්වාමින් වහන්සේලා ඊයේ (13දා) විරෝධතාවක නිරත විණි.

කාලයක සිට මාදම්පේ මුගුණුවටවන, සුදුවැල්ල, පොතුවිල ඇතුළු ගම්මාන කිහිපයක සිදු කරන වැලි ජාවාරම් හේතුවෙන් ප්‍රදේශයේ පානීය ජල හා මාර්ග පද්ධතියට මෙන්ම නිවාස රැසකට මේ වන විට හානිව ඇති බව විරෝධතාවට එක්වූ හිමිවරු පැවසුහ. විරෝධතාව හේතුවෙන් වැලි ප්‍රවාහනය නතර කිරීමට වැලි ව්‍යාපාරිකයනට සිදු විය.

වැලි කැනිම් බලපත්‍ර දීම වහා නතර කරන ලෙස ප්‍රදේශවාසීහූ ඉල්ලා සිටිති. වැලි ජාවාරමට විරෝධය පෑ ප්‍රදේශවාසීන් කිහිප දෙනකුට එරෙහිව පොලිසිය නීතිමය ක්‍රියා මාර්ගගෙන ඇත.

ඡායාරූපය -පුත්තලම දිසා සමුහ

 

ප්‍රසාද් පුර්ණමාල් - පුත්තලම දිසා සමුහ

නව අදහස දක්වන්න