ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනාට යළි ඇප | දිනමිණ

ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනාට යළි ඇප

සිරන්ජනි කුමාරි

රජයට අනාවරණය නොකළ ගිණුම් මඟින් රුපියල් බිලියන 8.7ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඊටීඅයි සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් ඇප මත මුදා හැරීමට නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද ඊයේ (15) නිකුත් කළේය.

මෙලෙස ඇප නියම වූයේ ඊටීඅයි සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අයයි.

සැකකරුවන්ට ඇප ලබා දිය නොහැකි කරුණු පැමිණිල්ල විසින් ප්‍රමාණවත් පරිදි අධිකරණයට ඉදිරිපත් නොකර ඇති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය මඟින් සැකකරුවන් මුදා හැරීමට නියෝග කළේය.

රුපියල් ලක්ෂ 10ක මුදල් හා බිලියන පහ බැඟින් ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හල මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඇප කොන්දේසියක් පැන වීය.

නව අදහස දක්වන්න