ආණ්ඩුවට එරෙහිව සවිමත් බලවේගයක් හදනවා - එජාප නියෝජ්‍ය නායක | දිනමිණ

ආණ්ඩුවට එරෙහිව සවිමත් බලවේගයක් හදනවා - එජාප නියෝජ්‍ය නායක

ජනතා විශ්වාසය පළුදු වී වේගයෙන් පරිහානියට යන ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් ජන බලවේගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සහ ඊට නායකත්වය දීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පුළුල් වේගවත් යන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඒ වෙනුවෙන් අවශ්‍ය බිම් මට්ටමේ සංවිධාන කටයුතු මේ වන විට ක්‍රමයෙන් සක්‍රීය කර ඇති බවද නියෝජ්‍ය නායකවරයා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15) පැවැත්වුණු අවස්ථාවේදීය.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ ස්වාමීන්වහන්සේලා, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු බොහෝ පිරිසක් අද වන විට ආණ්ඩුව පිළිබඳ අප්‍රසාදයෙන් කතා කරන බවද පෙන්වා දුන් විජයවර්ධන මහතා එයට හේතුව ජනතාව බොරුවෙන් මුළා කළ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට අපොහොසත් වීම බවද පෙන්වා දුන්නේය.

ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ 
ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න