ගම්පහ මූල්‍ය ආයතනයක රු. කෝටි 04ක කොල්ලකෑමක් | දිනමිණ

ගම්පහ මූල්‍ය ආයතනයක රු. කෝටි 04ක කොල්ලකෑමක්

ගම්පහ, මිරිස්වත්තේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 04ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා තිබේ.
 
මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (15) දහවල් 02.10ට පමණ පුද්ගලික මූල්‍ය ආයතනයකට පැමිණ එහි සිටි සේවකයින් බිය ගන්වා මුදල් මංකොල්ලය සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ‍
 
එහිදී රුපියල් 950,000ක මුදල් ද රුපියල් 390,000,00ක් වටිනා රණ් භාණ්ඩ කොල්ලකා ඇත.
 
මේ වන විට එම කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 

නව අදහස දක්වන්න