කොවිඩ් ව්‍යාප්ත රටවල් අතර තෙවැනි තැන බ්‍රසීලයට | දිනමිණ

කොවිඩ් ව්‍යාප්ත රටවල් අතර තෙවැනි තැන බ්‍රසීලයට

මරණ 207,160ක්

සුවය ලැබූවෝ 7,339,703කි

 

මේ වන විට කොරෝනා රෝගීන් 8,326,115ක් සිටින මරණ 207,160ක් සිටින බ්‍රසීලයේ කොරෝනා රෝගීන් අතරින් සුවය ලබා සිටින්නේ 7,339,703කි. එය වර්තමානයේ කොවිඩ් ආසාදන අතින් 3 වන ස්ථානයේ පසුවේ. එරට වර්තමානය වන විට සිටින කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 8කට ආසන්න වේ. බ්‍රසීලයේ කොරෝනා වසංගතය ඔඩු දිවීමට හේතු වූ එක් කරුණක් නම් එරට ජනාධිපති බොල්සනාරෝගේ වගකීමක් නැති හැසිරීමයි. කොවිඩ්-19 නම් භායානක රෝග තත්ත්වයෙන් සුවය ලැබීම වෙනුවෙන් ආරක්ෂා වෙනවා වෙනුවට ඔහු කළේ අනාරක්ෂිතව වගකීම් විරහිතව හැසිරීමයි. එපමණක් නොව තම රටවැසියන්ට ද වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමට ඔහු පෙළඹවීම් සිදු කළේය. නායකයාගේ වැරැදි පූර්වා දර්ශය නිසා රටටම විපතේ වැටුණා පමණක් නොව ජනාධිපති බොල්සනාරෝ පෞද්ගලිකවම කොරෝනා රෝගයට ගොදුරු විය.

චීනය සමඟ කොරෝනා එන්නතක් එළිදැක්වීමටත් එය නිෂ්පාදනය කිරීමට චීන රජයේ වියදමෙන් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමටත් එකඟතාව ඇතිකරගෙන සිටි බොල්සනාරෝගේ පාලනය අන්තිමේ දී ඒ එකඟතාව කඩකර අමෙරිකාවේ ෆයිසර් සමාගමේ එන්නත ලබා ගැනීමට තැත් දැරුවේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැනවත් තුට්ටුවකට මායිම් නොකරමිනි. මෙහි සමස්ත ප්‍රතිඵල එල්ල වූයේ එරට සාමාන්‍ය ජනයාගේ සෞඛ්‍යයට තර්ජන මතු කරමිනි.

බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදන එක දිගටම වැඩි වුණා විනා අඩුවීමක් සිදු වුණේ නැත. එරට සෞඛ්‍ය සේවකයන්ට ද නිසි ආරක්ෂිත ඇඳුම් සහ ආවරණ ප්‍රමාණවත් තරම් නොතිබීම නිසා සෞඛ්‍ය තර්ජනයන්ට ලක්විය. එරට වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වූයේ ජනවාරි 07 වැනිදා වන අතර එය ගණනින් 87,134කි. කෙසේ වෙතත් ක්‍රියාකාරී කොරෝනා රෝගීන් ගණන ඔක්තෝබර් අග භාගය වන විට පහත වැටී තිබුණත් දෙසැම්බර් මැද භාගය වන විට එම සංඛ්‍යාව ඉහළ ගියේය.

අප්‍රේල් අග භාගයේ සිට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ බ්‍රසීලයේ කොරෝනා මරණ ගණන ජනවාරි 07 වැනිදා 1,455ක් විය. නොවැම්බර් මුල් භාගය වන විට පහත බැස තිබූ දෛනික කොවිඩ් මරණ ගණන ඉන්පසු එක දිගටම වේගයෙන් වර්ධනය විය. අලුතෙන් රෝගය වැළදෙන රෝගීන් ගණනට අලුතෙන් සුවය ලැබූ රෝගීන් ගණන දැක්වෙන අනුපාතය නොවැම්බර් අග භාගයේ සිට සමතුලිත මට්ටමක පවතියි. බ්‍රසීලයේ කොවිඩ් 19 රෝගයෙන් සුවය ලබන ප්‍රතිශතය සියයට 97 ඉක්මවා වාර්තා වී ඇති අතර මරණයට පත් වන ප්‍රතිශතය සියයට 2.75ක පවතී.

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න