යහපාලන ආණ්ඩුව කාලේ පොල් ඉඩම් නඩත්තු කර නෑ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති | දිනමිණ

යහපාලන ආණ්ඩුව කාලේ පොල් ඉඩම් නඩත්තු කර නෑ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු පොල් ඉඩම්වල පොල් ඵලදාවේ අඩුවක් දක්නට ලැබේ. එයට හේතුව පසුගිය යහපාලන ආණ්ඩු සමයේ නිසි ලෙස පොහොර යොදා නොමැති බැවින් යැයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මහගමගේ මහතා පැවසීය.

මේ වන විට මෙරට පොල් හිඟයක් සේම පොල් මිල ඉහළ යෑමක් දක්නට ඇති අතර එම පොල් වතුවල පොල් ඵලදාව නිසි ලෙස තිබුණේ නම් ඒවා වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් පොල් ඒකාධිකාරය යම් පමණකින් හෝ අඩු කිරීමට තිබූ බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එම පොල් ඉඩම් නිසි ලෙස නඩත්තු නොකිරීම පොහොර නොයෙදීම වැනි හේතු එම පොල් ඉඩම්වල පොල් ඵලදාව අඩුවීමට බලපා ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් අක්කර 8,500ක් පමණ ඇති අතර එම වතුවලින් වසරකට පොල් ගෙඩි මිලියන විස්සක ඵලදාවක් ගත හැකි බවද සභාපතිවරයා කියා සිටියේය. සභාපතිවරයා මේ බව පැවසූවේ පසුගියදා (14) ඩයගම පශු ගොවිපොළේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම අවස්ථාවට පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, අමාත්‍යාංශ ලේකම් එස්. සේනානායක යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

 

රක්ෂණ ශ්‍රියන්ත‍

 

නව අදහස දක්වන්න