අනුරපුරට අන්තර්ජාතික බෞද්ධ පාසලක් | දිනමිණ

අනුරපුරට අන්තර්ජාතික බෞද්ධ පාසලක්

අනුරාධපුර පණ්ඩුලගම ලෝටස් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පතානේගම සෝමරතන හිමිගේ මූලිකත්වයෙන් අන්තර්ජාතික බෞද්ධ පාසලක් ආරම්භ ක‍ර තිබේ. අනුරාධපුරයේ ආරම්භ කළ පළමු ජාත්‍යන්තර බෞද්ධ පාසල ද මෙය වීම විශේෂත්වයකි.

මෙහි පළමු අදියර වශයෙන් ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසලේ සිට ප්‍රාථමික අංශය දක්වා පන්ති ආරම්භ කර තිබේ. සිසු සිසුවියන් වෙනත් අතිරේක පන්තිවලට සහභාගි නොවී ළමයින්ට අවශ්‍ය බුද්ධිය, දැනුම පාසල ඇසුරෙන්ම අනාගතයට වැඩදායී යහපත් පරපුරක් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ලෝටස් විහාරාධිපති පූජ්‍ය පතානේගම සෝමරතන හිමි පවසා සිටියහ.

උතුරු හා උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ජයන්ති මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤාණන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවති මේ අවස්ථාව සඳහා අනුරාධපුර මහ දිසාපති ආර්. එම්. වන්නිනායක මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.

අනුරාධපුර අතිරේක - අම්ල ප්‍රභාත් වනසිංහ

නව අදහස දක්වන්න