පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන මස ශ්‍රී ලංකාවට | දිනමිණ

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන මස ශ්‍රී ලංකාවට

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචාරය නිරත වීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇත. 
 
ඇතැම්විට එම සංචාරය පෙබරවාරි මස අග විය හැකි බව ද වාර්තා වේ. 
 
ඒ අනුව මෙම සංචාරය සිදු වුවහොත් කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට ගිය පළමු රාජ්‍ය නායකයා ඉම්රාන් ඛාන් වනු ඇත.
 
2016 වසරේ එවකට පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගෙන් පසු එරට නායකයෙක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව ද මෙය ලෙස සැලකිය හැකිය. 
 

නව අදහස දක්වන්න