අර්ජුන එජාප වැඩවලින් අයින් වෙයි | දිනමිණ

අර්ජුන එජාප වැඩවලින් අයින් වෙයි

ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා මින් ඉදිරියට ක්‍රියාකාරී ලෙස සහභාගි නොවීමට හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතා තීරණය කර තිබේ.

ඔහුට පිරිනැමුණු එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ධුරය භාර ගැනීමටද රණතුංග මහතා ඉදිරිපත් නොවුණ අතර නව නිලධාරීන් වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා සිරිකොත පැවති උත්සවයටද ඔහු සහභාගි නොවීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඔහු මීට පෙර ඉවත් වුවද පක්ෂයේ වැඩ කටයුතුවලට ක්‍රියාකාරීව සහභාගි විය.

පක්ෂ තනතුරක් හිමි නොවූ හිටපු උප සභාපති රවි කරුණානායක සහ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සමඟ කරු ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ සන්ධානයක් පිහිටුවීමට යන බවත් අර්ජුන රණතුංග මහතා එයට එක් වීමට යන බවත් මාධ්‍ය වාර්තා පළ වුවද මෙතෙක් එය තහවුරු වී නොමැත.

නව අදහස දක්වන්න