මඩොල්සිම අවට භූ කම්පන තුනක් | දිනමිණ

මඩොල්සිම අවට භූ කම්පන තුනක්

ජීවිත-දේපළ හානි නෑ

ඇකිරිය, පහළයාය ඇතුළු මඩොල්සිම පොලිස් වසමට අයත් ගම්මාන කිහිපයක මෙන්ම කෝමාරික, මීගහකිවුල ඇතුළු ගම්මාන රැසක ඊයේ (22) අලුයම 3.30ත් 4.00ත් අතර භූ කම්පන තුනක් වූ බව ගම්වාසීහු පැවසූහ.

ඊයේ (22) අලුයම 3. 30, 3. 38ට හා අලුයම 3. 56ට මේ භූ කම්පන වූ බවත් මහ හඬක් නංවමින් හා පොලව දෙදරුම්කමින් තත්පර තුන හතරක පමණ කෙටි කලක් මේ භූ කම්පන වූ බවත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන ප්‍රියන්ත දිසානායක මහතා පැවසීය.

ඇතැම් නිවාසවල වහල භූ කම්පනයත් සමඟ සෙලවී ගිය බවත් ඇතැම් ප්‍රදේශවලට විශාල හඬක් දැනුණු බවත් ඇකිරිය ප්‍රදේශයේ හේන් යායවල ගොවීහු පිරිසක්ද කියා සිටියහ. කෙසේ වෙතත් මේ භූ කම්පනවලින් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැත.

මීගහකිවුල සමූහ 
එන්. නවරත්න

නව අදහස දක්වන්න