එජාප ජාතික සංවිධායක ධූරය භාර ගන්නේ නෑ - නවීන් දිසානායක | දිනමිණ

එජාප ජාතික සංවිධායක ධූරය භාර ගන්නේ නෑ - නවීන් දිසානායක

ශිරෝමි අබයසිංහ

නවීන් දිසානායක නායක රනිල්ට කියයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරය භාර නොගන්නා බව නවීන් දිසානායක මහතා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (26) ලිඛිතව දැනුම් දී තිබේ.

ජාතික සංවිධායක ධූරය නොදැරුවත් පක්ෂය සමග දිගටම රැඳී සිටිමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ අනාගත වැඩ පිළිවෙළට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායකත්වයේද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කරන බවත් ඒ මහතා පක්ෂයේ මහ ලේකම්, සභාපති, උප සභාපති ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියලුම සාමාජිකයන් වෙත පිටපත් සහිතව යැවූ එම ලිපියේ සඳහන් වී තිබේ. ජාතික සංවිධායක ධූරය සඳහා සුදුසු අයකු පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැතැයිද ඒ මහතා එහි සඳහන් කර තිබේ.

නව අදහස දක්වන්න